මයික්‍රොසොෆ්ට් එක්සෙල් සිංහලෙන්- පාඩම් අංක එක- හැඳින්වීම
නමෝ
විත්තියෙන් මෙන්න එක්සෙල්.
මුලින්ම කියන්න ඕනෑ මේ පාඩම පටන්ගන්නෙ ජීවිතේටවත් එක්සෙල් එක්ක වැඩ නොකරපු කෙනෙක්ටත් වැඩ කරගන්න පුළුවන් වෙන විදිහටයි. ඒ නිසා සමහර අයට මේ මුල්ම පාඩම ඒ තරම් වැඩක් නෑ වගේ හිතෙන්නත් පුළුවනි. ඒත් පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපි බිංදුවෙනුයි පටන්ගන්නේ. හැබැයි ගොඩක් දුර යනවා.
මුලින්ම
බලමු මොකක්ද මේ එක්සෙල්(MS Excel) කියන්නේ
කියලා. එක්සෙල් අයිතිවෙන්නේ පැතුරුම්පත් එහෙම නැත්තම් ස්ප්රෙඩ්ශීට්(spreadsheet) කියන මෘදුකාංග වර්ගයට. හැම software එකකටම අරමුණක් තියෙනවා වගේ ස්ප්රෙඩ් ශීට් වැඩසටහනක අරමුණ වෙන්නෙ දත්ත හැසිරවීම හා විශ්ලේෂණයට උදව්
වීම. අපිට අපේ ඩේටා(data) එක්ක ගනුදෙනු කරන එක වඩාත් පහසු
කිරීම. උදාහරණයක් විදියට අපිට අපේ නිවසේ එදිනෙදා වියදම් ගැන විස්තර සටහන් කරන්න වගේම ඒ වියදම් වල
එකතුව, වියදම් වෙනස් වුණු ආකාරය, යම් කිසි මූල්යමය ඉලක්කයකට අනුව වියදම් කරනවා නම් අපේ ඉදිරි වියදම් ආදායම සමඟ වෙනස් විය යුතු ආකාරය වගේ දේවල් පහසුවෙන් ගණනය කරගන්නට ස්ප්රෙඩ්ශීට් උදව් වෙනවා.
එක්සෙල්
පමණක් නෙවෙයි ස්ප්රෙඩ්ශීට් වර්ගයේ එකම මෘදුකාංගය. ඔයාලා සමහර විට අහලා ඇති ඕපන් ඔෆිස් ශීට්ස්(Open office Sheets), ලෝටස් වන් ටූ ත්රී(Lotus 1-2-3),
ගූග්ල් ශීට්ස්(Google Sheets) වගේ තවත් ස්ප්රෙඩ්ශීට් මෘදුකාංග තියෙනවා. නමුත් එක්සෙල් තමයි වඩාත්ම ප්රකට මෘදුකාංගය.
එක්සෙල් සමඟ වැඩ කරන්නට දැනගත්තොත් අනිත් ස්ප්රෙඩ්ශීට් මෘදුකාංග සමඟ වැඩ කිරීම හරිම පහසුයි.
මීට
අවුරුදු තිස් එකකට කලින් ඇරඹුණු මයික්රොසොෆ්ට් එක්සෙල් වල විවිධ සංස්කරණ
මේ දක්වා නිකුත්
වෙලා තියෙනවා. ඒ අතරින් මම
භාවිතා කරන්නෙ එක්සෙල් 2016. (Microsoft Office පැකේජයත් එක්ක එක්සෙල් ලැබෙනවා) හැබැයි 2016 ම ඕනෙ නෑ.
2010 හෝ ඊට වඩා ඉහළ
සංස්කරණයක් තියේ නම් වැඩේ පහසුයි.
දැන් මම උපකල්පනය කරනවා ඔබේ පරිගණකයේ එක්සෙල් 2010 හෝ ඊට වඩා ඉහළ සංස්කරණයක් ඇති කියලා. ඒ වගේම මම උපකල්පනය කරනවා ඔබ භාවිතා කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කියලා.මම භාවිතා කරන්නෙ වින්ඩෝස් 10 .එහෙම නම් අපි පටන් ගනිමු.
Comments
Post a Comment