Posts

මයික්‍රොසොෆ්ට් එක්සෙල් සිංහලෙන්- පාඩම් අංක දෙක- විවිධ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල එක්සෙල් විවෘත කර ගැනීම

Image
ඔබේ පරිගණකයේ මේ මෘදුකාංගය විවෘත කරගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා නම් පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝස් අයිකනය සමඟ එන ස්ටාර්ට් බොත්තම මත ක්ලික් කළ විට එන සෙවුම් තීරුවේ Excel ලෙස ලෙස ටයිප් කරන්න (පහත රූප සටහන් https://support.office.com   වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද අතර ඒවායේ දැක්වෙන්නේ වර්ඩ් මෘදුකාංගය විවෘත කරන ආකාරයයි.) එසේත් නැත්නම් දෙවන රූපයේ ඇති ආකාරයට ස්ටාර්ට් බොත්තම ක්ලික් කර තෝරාගන්න. එහි ඇති යෙදවුම් මෘදුකාංග අතුරින් එක්සෙල් මෘදුකාංගය තෝරාගන්න. ඔබ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවානම් ආරම්භක තිරය  (Start Screen) මත Excel යනුවෙන් ටයිප් කරන්න එසේත් නැත්නම් කර හෝ යටි අතට ඇති ඊ හිස මත ක්ලික් කර එහි ඇති තුලින් එක්සෙල් මෘදුකාංගය සොයාගන්න. ඒ මත ක්ලික් කරන්න ඔබ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ නම් පහත රූප සටහනේ ආකාරයට වින්ඩෝස් අයිකනය මත ක්ලික් කර එහි දැක්වෙන යෙදවුම් මෘදුකාංග අතරින් එක්සෙල් මෘදුකාංගය තෝරාගැනීමට ඔබට පුළුවන් එසේත් නැත්තම් පෙර පරිදිම සෙවුම් තීරුව මත යනුවෙන් ටයිප් කිරීමෙනුත්...

මයික්‍රොසොෆ්ට් එක්සෙල් සිංහලෙන්- පාඩම් අංක එක- හැඳින්වීම

නමෝ විත්තියෙන් මෙන්න එක්සෙල් . මුලින්ම කියන්න ඕනෑ මේ පාඩම පටන්ගන්නෙ ජීවිතේටවත් එක්සෙල් එක්ක වැඩ නොකරපු කෙනෙක්ටත් වැඩ කරගන්න පුළුවන් වෙන විදිහටයි . ඒ නිසා සමහර අයට මේ මුල්ම පාඩම ඒ තරම් වැඩක් නෑ වගේ හිතෙන්නත් පුළුවනි . ඒත් පොඩ්ඩක් ඉවසලා ඉන්න . අපි බිංදුවෙනුයි පටන්ගන්නේ . හැබැයි ගොඩක් දුර යනවා . මුලින්ම බලමු මොකක්ද මේ එක්සෙල්(MS Excel) කියන්නේ කියලා . එක්සෙල් අයිතිවෙන්නේ පැතුරුම්පත් එහෙම නැත්තම් ස්ප් ‍ රෙඩ්ශීට්(spreadsheet) කියන මෘදුකාංග වර්ගයට . හැම software එකකටම අරමුණක් තියෙනවා වගේ ස්ප් ‍ රෙඩ් ශීට් වැඩසටහනක අරමුණ වෙන්නෙ දත්ත හැසිරවීම හා විශ්ලේෂණයට උදව් වීම . අපිට අපේ ඩේටා(data) එක්ක ගනුදෙනු කරන එක වඩාත් පහසු කිරීම . උදාහරණයක් විදියට අපිට අපේ නිවසේ එදිනෙදා වියදම් ගැන විස්තර සටහන් කරන්න වගේම ඒ වියදම් වල එකතුව , වියදම් වෙනස් වුණු ආකාරය , යම් කිසි මූල් ‍ යමය ඉලක්කයකට අනුව වියදම් කරනවා නම් අපේ ඉදිරි වියදම් ආදායම සමඟ වෙනස් විය යුතු ආකාරය වගේ දේවල් පහසුවෙන් ගණනය කර...