මයික්‍රොසොෆ්ට් එක්සෙල් සිංහලෙන්- පාඩම් අංක දෙක- විවිධ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල එක්සෙල් විවෘත කර ගැනීම
ඔබේ පරිගණකයේ මේ මෘදුකාංගය විවෘත කරගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා නම් පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝස් අයිකනය සමඟ එන ස්ටාර්ට් බොත්තම මත ක්ලික් කළ විට එන සෙවුම් තීරුවේ Excel ලෙස ලෙස ටයිප් කරන්න (පහත රූප සටහන් https://support.office.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද අතර ඒවායේ දැක්වෙන්නේ වර්ඩ් මෘදුකාංගය විවෘත කරන ආකාරයයි.) එසේත් නැත්නම් දෙවන රූපයේ ඇති ආකාරයට ස්ටාර්ට් බොත්තම ක්ලික් කර තෝරාගන්න. එහි ඇති යෙදවුම් මෘදුකාංග අතුරින් එක්සෙල් මෘදුකාංගය තෝරාගන්න. ඔබ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවානම් ආරම්භක තිරය (Start Screen) මත Excel යනුවෙන් ටයිප් කරන්න එසේත් නැත්නම් කර හෝ යටි අතට ඇති ඊ හිස මත ක්ලික් කර එහි ඇති තුලින් එක්සෙල් මෘදුකාංගය සොයාගන්න. ඒ මත ක්ලික් කරන්න ඔබ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ නම් පහත රූප සටහනේ ආකාරයට වින්ඩෝස් අයිකනය මත ක්ලික් කර එහි දැක්වෙන යෙදවුම් මෘදුකාංග අතරින් එක්සෙල් මෘදුකාංගය තෝරාගැනීමට ඔබට පුළුවන් එසේත් නැත්තම් පෙර පරිදිම සෙවුම් තීරුව මත යනුවෙන් ටයිප් කිරීමෙනුත්...